ගලහේන ශී‍්‍ර බෝධිරාජාරාමය

ගලහේන ශාන්ත ෆැන්සිස් වත්තේ කොටසක් වන මිල්ලකන්ද වතූයායේ ශාන්ත ෆැන්සිස් කොටසට අයත් භූමියේ අතීතයේ පටන් පූජනීය වන්දනීය වූ බෝධීන්වහන්සේ නමක් වැඩසිටින භූමිය, 70 දශකයේ රජයට පවරාගත් ඉඩම් ජනතාවට බෙදා දීමේදී එවකට සිටි කන්‍දාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තූ මන්ත‍්‍රී සරත් රණවක මැතිතූමා විසින් පන්සල වශයෙන් වෙන් කරනු ලැබීය. අපවත් වී වදාළ පූජ්‍ය බුලත්සිංහල නන්දාරාම නාහිමියන්ගේ අනුශාසනාවෙන් මෙම ස්ථානයේ ආගමික කටයුතූ සි¥වූයෙන් උන්වහන්සේ විසින් මෙම ස්ථානයේ වැඩ සිටින විශාල බෝධිරාජයාණන් මුල්කොට ගෙන තැබූ නම් අනුව රාජ්‍ය වර්ෂ 2007 ජනවාරි 03 වැනි දින ගලහේන ශී‍්‍ර බෝධිරාජාරාමය නමින් මෙම විහාරස්ථානය ආරම්භ විය. විහාරස්ථාන භූමිය අක්කර හතරක් පමණ විහි¥ණු ගල්ලෙන් සහිත ආරණ්‍යයකි. විහාරස්ථානයට අනුබද්ධව මෙහෙණි ආරාමයක්ද ඒ අවට පවතී.

මෙම විහාරස්ථානයේ ප‍්‍රථම විහාරාධිපති ධූරය පූජ්‍ය බුලත්සිංහල නන්දාරාම නාහිමි විසින් හෙබවූ සේක. උන්වහන්සේගෙන් පසුව වත්මන් විහාරාධිපතිත්වය පූජ්‍ය අමරගෙදර නන්දදේව නාහිමිපාණන් හොබවන සේක. වත්මන් විහාරාධිකාරී ධූරය හොබවන බුලත්සිංහල නන්දසාර හිමියන් ගුරු උපහාර වශයෙන් විහාරස්ථානයේ ධර්මශාලාවීඅමරගෙදර නන්දදේව නාහිමි ගුරු උපහාර ධර්මශාලාවv ලෙස නම්කොට ඇත. 2007 ජනවාරි 28 දින ආරම්භ කෙරුනු දහම් පාසල ශ‍්‍රී නන්දාරාම දහම් පාසලයි. ජර්මන් ජාතික බෝඩෝ කුටෙන් පදනමේ ආධාර ඇතිව අපේක්ෂා කඳනාරච්චි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් අපේක්ෂා ළදරු පාසල පැවැත්වේ. විහාරස්ථානය අනුබද්ධ කි‍්‍රයාකාරී සමිති සමාගම් ලෙස දායක සභාව, විහාරමහාදේවී කුළඟන සමිතිය, ශී‍්‍ර බෝධිරාජ වැඩිහිටි සරණ සමිතිය, තරුණ බෞද්ධ සංගමය, එක්සත් බෞද්ධ සමිතිය, පොහොය පිංකම් කමිටුව දැක්විය හැක. ගලහේන ග‍්‍රාමයේ ජීවත්වන දමිළ ජාතික හිංදු ආගමිකයන් පවා විහාරස්ථානයට දානමාන ලබාදීම ජාතික සමගිය ඔප්නැංවෙන අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැක.

විහාරස්ථානයේ සි¥කෙරෙන පිිංකම් සහ උත්සව අතර කඨින පිංකම, අටවිසි සම්බුද්ධ පූජා සතිය, බෝධීන්වහන්සේට උපහාර පිණිස පවත්වන නෙන්‍දාම් මල් පූජාව, දහම් පාසල් දරු දැරියන්ගේ අවුරු¥ උත්සවය, වැඩිහිටි අවුරු¥ උත්සවය, දහම් පාසල් ත්‍යාග ප‍්‍රධානෝත්සවය, පෙරපාසල විවිධ ප‍්‍රසංගය, මූලික වේ. මෙම පිංකම් සහ විහාරස්ථානයේ අනෙකුත් ආගමික කටයුතු වලදී පූජ්‍ය අමරගෙදර රාහුල හිමියන්ගේ අනුශාසකත්වය සහ කැපවීම අගය කළ යුතු වෙමු.