ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානය

බුලත්සිංහල - මහ පන්සල

බුලත්සිංහල මහ පන්සල නැති නම් ශී‍්‍ර දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි ඉපැරණි විහාරස්ථානයයි. රාජ්‍ය වර්ෂ 1856 ටත් පෙර ආරම්භ කරන්නට යෙදුන මෙම විහාරස්ථානයෙහි පැරණි ප‍්‍රතිමා ගෘහය සංරක්ෂිත ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවස්තු ආඥා පනතේ 19 වැනි වගන්තිය ප‍්‍රකාරව රාජ්‍ය වර්ෂ 2008-01-24 වැනි දින අංක 1573 දරණ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.

Buddhist Temple image gallery
Buddhist Temple image gallery
Buddhist Temple image gallery
Buddhist Temple image gallery

පුරාණ විහාරයට අමතරව චෛත්‍ය රාජයාණන්, බෝධි රාජයාණන්, නව විහාර මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාසය, උපෝසථාගාරය, බෝධිඝරය, ඝංඨාර කුළුණ, සතර මහා දේවාල ආදී සියළු අංගයන්ගෙන් සමලංකෘත මෙම විහාරස්ථානය කෙසෙල්හේනාව රජමහා විහාරාධිපති කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍ය දේවමුල්ලේ ශී‍්‍ර ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශිෂ්‍ය පරම්පරාවෙන් කෙසෙල්හේනාවේ සුමනතිස්ස, ඉඹුලේගොඩ සද්ධාතිස්ස, නැගෙනහිර පස්යොදුන් කෝරළයේ ප‍්‍රධාන සංඝ නායක බුලත්සිංහල නන්දාරාම, දඹදිව බුද්ධගයා විහාරාධිපති බුලත්සිංහල පඥ්ඥාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ශෝභාමත් වූ සම්භාවනීය විහාරස්ථානයකි. ප‍්‍රදේශවාසී බෞද්ධයන් පන්සිල් සුරකින සුචරිතවත් පිරිසක් බවට පත්කිරීමට උත්සාහවත්වීම විහාරස්ථානවල යුතුකමයි. ගම හා පන්සල අතර සබඳතා වර්ධනය කිරීම තුළින් ගිහි-පැවිදි සබඳතාව තහවුරු කරගත යුතුය. ප්‍රායෝගික ජීවිතයට අදාළ වන පරිදි බෞද්ධ ජනතාවගේ දහම් දැනුම වර්ධනය කිරීම හා ප‍්‍රදේශය තුළ කි‍්‍රයාත්මක වන බෞද්ධ සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන මගින් බෞද්ධයන් ඒකරාශී කළ යුතුය යනු අප ආචාර්ය, පා‍්‍රචාර්යයන් වහන්සේලාගේ ද අරමුණ විය. බෝධි පූජා, බුද්ධ පූජා, සීල සමාදාන, ශ‍්‍රමදාන වැඩසටහන් තුළින් ප‍්‍රදේශයේ අපරාධ අඩු කිරීමට කි‍්‍රයා කිරීම විහාරස්ථානය සතු කාර්යභාරයකි.

අප බුලත්සිංහල මහ පන්සලේ ප.ව. 6.00 ට සම්බුද්ධ පූජාව නොකඩවා පැවැත්වෙයි. අධිෂ්ඨාන බෝධි පූජාව, පුර පොහෝ දිනයන්හි සීල සමාදාන වැඩසටහන් ක‍්‍රියාත්මක වෙයි. මසකට වරක් භාවනා වැඩසටහන්ය. මහ පන්සලේ ශ‍්‍රී ගුණානන්ද දහම් පාසල මගින් දහම් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් දිගු කලක සිට සිදුවෙයි. විශේෂයෙන් නන්දන අධ්‍යාපන පිඨයෙන් බුලත්සිංහල ප‍්‍රාදේශීය ශාසනාරඏක මණ්ඩලය තුළ දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය සිසු දරුවන්ට වියත් ගුරු මඩුල්ලක් මගින් අධ්‍යාපනය ලබා දෙයි. සෑම වසරකම මාර්තු මාසයේ පැවැත්වෙන සීල, භාවනා, ධර්ම සාකච්ඡා ඇතුළත් ආධ්‍යාත්මික සදහම් චාරිකාව මගින් බෞද්ධ ප‍්‍රබෝධයට තුඩුදෙන දින පහක වැඩසටහනක් බුලත්සිංහල මහ පන්සල මගින් සිදුවෙයි. මව් පදවියට දහම් ප‍්‍රවේශයක් ලබාදෙනු පිණිස මවු කුසයි - බුදු මගයි තේමාව යටතේ බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අනුග‍්‍රහය ඇතිව සෑම වසරකම මාර්තු හා ඔක්තෝම්බර් මාසවල ගැබිනි මවුවරුන් අටසිල් සමාදන් කරවීම සැමගේ ප‍්‍රසංසාවට ලක්වුවකි. බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාන්ගයන් ඔප් නැංවෙන පෙරහරක අවශ්‍යතාවය අපට දැනෙන්නට වී බොහෝ කල්ය. බුලත්සිංහල මහ පෙරහැර ප‍්‍රදේශයේ ආගමික සංස්කෘතික සංහිදියාවට ඌණ පූර්ණයකි.

දායක නිවෙස් 800 කට අධික ප‍්‍රමාණයකගේ දායකත්වයක් ඇති මෙම විහාරස්ථානයේ වර්තමාන සඝ පරපුර සහ දායක දායිකාවන්ගේ මහත් වීර්යයෙන් හා කැපවීමෙන් පවත්වාගෙන යනු ලබන සංවිධාන අතර දහම් පාසල, පෙර පාසල, විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, වැඩිහිටි සරණ සමිතිය, අඏිධාන සංගමය, මුතුහර රූපවාහිනී ළමා සමාජය, පෙරහර කමිටුව, අධ්‍යාත්මික සදහම් චාරිකා කමිටුව, අධිෂ්ඨාන බෝධි පූජා කමිටුව ප‍්‍රධාන තැනක් ගනී. බුලත්සිංහල මහ පෙරහැර, අධ්‍යාත්මික සදහම් චාරිකාව, කඨින පිංකම, ගැබිනි මාතා සීල සමාදානය වාර්ෂිකව සිදුකරන පිංකම් අතර ප‍්‍රධාන වේ.

අපේ පන්සල

vathman Sanga Parapura
අපේ වත්මන් සංඝ පරපුර

විස්තර→

athitha sanga parapura
අපේ අතීත සංඝ පරපුර

විස්තර→

Daham Pasala
දහම් පාසල

විස්තර→

පෞරාණිකත්වය

ABOUT THE TEMPLE

Bulathsinhala Sri Dewamiththarama Purana Viharaya is the most important ancient temple in Bulathsinhala. This Buddhidt temple is situated in Pasyodun Koralaya in Kaluthara district. Its history goes back to 19th century.

SITE SPONSERS
Financial Support
Dilhani Wasana - Lebanon

Development support

Bulathsinhala Athwela Social Services Foundation
OUR ADDRESS

Bulathsinhala maha pansala,
Sri Dewamiththarama purana Viharaya,
Bulathsinhala Nandarama Nahimi Mawatha,
12300, Sri Lanka
Phone: +94 34 22 83 178 / +94 34 56 76 322
+94 71 82 57 590 / +94 71 77 52 562
Email: mahapansala@gmail.com