දහම් පාසල

ශ්‍රී ගුණානන්ද දහම් පාසල

ශ්‍රී ගුණානන්ද දහම් පාසල
ශ්‍රී ගුණානන්ද දහම් පාසල
ශ්‍රී ගුණානන්ද දහම් පාසල

මානව දයාවෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීමේ කාර්යෙහිලා වත්මන් දහම් අධ්‍යාපනයට ඇත්තේ විශාල වගකීම් සම්භාරයකි. දිනෙන් දින පිරිහෙමින් පවතින සමාජ සාරධර්ම පද්ධතීන් නව ලොවට පියනගන දරුවන්ට සුරක්ෂිතව ලබාදීමේ යුග මෙහෙවරක බුලත්සිංහල ශ‍්‍රී ගුණානන්ද දහම් පාසලද නිරතව සිටී. එකී කාර්යභාරය තුළ ගම හා පන්සල අතර සංහිඳියාව ඇතිකර ලීමටත් ලාංකීය සංස්කෘතිය විදහා දැක්වෙන මහ පෙරහර කටයුතු සඳහාද අප දහම් පාසල උර දී සිටී. විහාරාධිපතිව වැඩ සිට, අපවත් වී වදාළ ගරු කටයුතු ඉඹුලේගොඩ සද්ධාතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් රාජ්‍ය වර්ෂ 1948 දී ආරම්භ කර වර්තමානය වන විට ප‍්‍රදේශයේ දිදුළන දහම් පාසලක් බවට පත් වී මෙවර ශාසනාරක්ෂක මණ්ඩල තරඟාවලියේදී ද පළමුවන ස්ථානය දිනා ගැනීමට දහම් පාසලට හැකි විය. පියවරෙන් පියවර දියුණුව කරා පිය නගන ශ‍්‍රී ගුණානන්ද දහම් පාසලට මෙම හැකියාව ලැබුනේ අතිපූජ්‍ය අමරගෙදර නන්දදේව නාහිමිපාණන්ගේ දැනුම් සම්භාරය හා අත්දැකීම් නිසාය. ගුරු හිමියන්ගේ අඩිපාරේ යමින් වර්තමාන අප දහම් පාසලෙහි කටයුතු කරන බුලත්සිංහල විමලානන්ද හිමියන් මෙම කටයුතු කෙරෙහිලා කරනු ලබන මහත් කැපකිරීම් කෘතඤතා පූර්වකව අගය කළ යුතු වෙමු.

නන්දන කැකුළු ළමා සමාජය, දහම් පාසල් ශිෂ්‍ය සමිතිය, නන්දන ගුවන් විදුලිය දරු දැරියන්ගේ කුසලතා ඔප් නැංවීමට මහත් රුකුලක් වී ඇත.

දහම් පාසලේ කීර්ති නාමය තව තවත් ඔසවා තබමින් සෑම වසරකම මෙන් 2015 වසරේද දහම් පාසල් සිසු නිපුනතා අගයීමේ තරඟාවලියේ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රථම ස්ථන 11ක් ලබා ගනිමින් සමස්ථ ලංකා තරඟ සඳහා සිසුවියන් දෙදෙනෙකු තේරී පත්ව ඇත.