UPCOMING EVENT

"බුලත්සිංහල මහ පෙරහර 2016"

වැඩි විස්තර →
Bulathsinhala Maha Pansala

ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානය

බුලත්සිංහල - මහ පන්සල

ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානය

පස්යොදුන් කෝරළයේ සියවස් දෙකකට ආසන්න ඉතා පැරණි ඉතිහාසයක් උරුම පන්සලකි. මෙහි පැරණි ප්‍රතිමා ගෘහය සංරක්ෂිත ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත.

විස්තර →

amaragedaraPansala
අමරගෙදර ශ්‍රී බෝධිමළු විහාරය

වර්තමාන ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථාන විහාරාධිපති හිමියන් යටතේ පාලනය වන පන්සලකි. මෙම විහාරස්ථානය රාජ්‍ය වර්ෂ 1949 දී ඉඹුලේගොඩ සද්ධාතිස්ස නාහිමි විසින් ආරම්භ කරන ලද්දකි.

විස්තර →

bulletin programs
ගලහේන ශ්‍රී බෝධිරාජාරාමය

වර්තමාන ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථාන විහාරාධිපති හිමියන් යටතේ පාලනය වන පන්සලකි. මෙම විහාරස්ථානය රාජ්‍ය වර්ෂ 2007 දී බුලත්සිංහල නන්දාරාම නාහිමි විසින් ආරම්භ කරන ලද්දකි.

විස්තර →

වැඩසටහන් පෙළගැස්ම

අපේ සාර්ථකත්වය

මහ පෙරහර

බොදු බැතියාවත් හෙළ හැදියාවත් තුළින් ඔප් නැගුනු බුලත්සිංහල පුරවරයට අතීත ශ්‍රී විභූතිය මෙ යැයි කියා පාන්නට බුලත්සිංහල මහ පන්සල මගින් කෙරෙන වැදගත් කටයුත්තක් ලෙස බුලත්සිංහල මහ පෙරහර හඳුන්වා දිය හකිය.

බුලත්සිංහල මහ පන්සල මගින් කෙරෙන ආගමික සංස්කෘතික සමාජීය සත්කර්යයන් අතරට අලුතින්ම එකතු වූයේ බුලත්සිංහල මහ පෙරහරයි. මෙම පෙරහර වර්ෂිකව පැවැත්වීම මගින් අනාගත පරපුරට ආගමික සංස්කෘතික සහ අධ්‍යාපනික වටිනකමක් දෙමින් බුලත්සිංහල පුරවරයේ කීර්තිය තව තවත් හුවා දක්වීමයි.

Sadaham Charilkawa

සදහම් චාරිකාව

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, මතුගම,හොරණ, බණ්ඩාරගම යන ශාසනරක්ෂක බල මණ්ඩල වලට අයත් සියලුම විහාරස්ථානයහි පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකවන් දහසකගේ පමණ සහභාගිත්වයෙන් සෑම වර්ෂයකම මාර්තු මස මැද භාගයේ අනුරාධපුරය, පොලොන්නරුව, කතරගම යන පුදබිම් වලින් එකක් මූලික කරගෙන පුරා දින සතරක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් සිදු කරනු ලබන පින්කමකි මෙම පින්කම 2006 වර්ෂයේ ආරම්භ කර වර්තමානය දක්වා නොකඩවා පවත්වාගෙන පැමිණ තිබේ

bulletin blog

නන්දන ගුවන් විදුලිය

බුලත්සිංහල ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ දරු දැරියන් විසින් 2013 මහ පෙරහර ආරම්භයේ සිට විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාව සහ දහම් පාසලේ ගුරු මව් පියවරුන්ගේ දිරිමත් කිරීම මැද නන්දන ගුවන් විදුලිය පෙරහර සමයේ සාර්ථකත්ව ක්‍රියාත්මකවේ

පුණ්‍යාධාර

ඔබේ පුණ්‍යාධාර අප වෙත යොමු කරන්න

බැංකුව : ලංකා බැංකුව - බුලත්සිංහල

ගිණුම් අංකය : 77852323

SWIFT Code - BCEYLKLX

ඔබේ පුණ්‍යාධාරයට අපි කෘත්‍යඥ වෙමු

ඡායාරූප එකතුව

ධම්ම පදයෙන් ඔබේ දිවියට

ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨී පරමං ධනං - විස්සාසා පරමා ඥාතී - නිබ්බාණං පරමං සුඛං

ලෙඩ නැති බව උත්තම ලාභය වේ
සතුටට සමවන ධනයක් නොම වේ
නෑ කම විශ්වාසය මත රැඳ වේ
නිවනට සමවන සුවයක් නොම වේ

න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ - භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ

පවිටු මිතුරු ඇසුරට නොම යන්නේ
නපුරු දුදන ඇසුරට නොම ගන්නේ
කලණ මිතුරු නිති ඇසුරු කරන්නේ
සුදන හැඳින දැන ඇසුර පතන්නේ

අනුබද්ධ ආයතන සහ සේවා

catholic Buddhist Temple
දහම් පාසල

විස්තර→

ministry sermon
පෙර පාසල

ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී දේවමිත්ත ළදරු උයන, රාජ්‍ය වර්ෂ 1976 ඕ. එස්. පෙරෙරා මහතා විසින් ආරම්භ කරන්නට යෙදුනෙන් ආචාරිණීන් සිව් දෙනෙකුගේ පමණ සේවයෙන් වර්තමානය වන විට කුඩා දරු දැරියන් සිය ගණනකගේ මුල් ළමාවිය පෝෂණය කර ප්‍රදේශයේ කීර්තිය දිනා ඇති ළදරු පෙර පාසලකි.

වෙනත් සංවිධාන

දායක සභාව
කුලඟන සමිතිය
වැඩිහිටි සරණ සමිතිය
පෙරහර කමිටුව
සදහම් චාරිකා කමිටුව
අධිෂ්ඨාන බෝධි පූජා කමිටුව